hodamagossip.com
අක්මීමණ ලලිත් තනි සියඹලා ගහකින් නෙළුෑ ලංකාවේ උසම දුටුගැමුණු පිළිරුව - හොඳම Gossip
දුටුගැමුණු රජතුමාගේ අනුරුව සහිත විශාලතම දැවමය ප්‍රතිමාව නිර්මාණය කරනු ලැබුවේ තරුණ කැටයම්කරුවකු වන ගාල්ල අක්මීමණ යක්ගහ පදිංචි ලලිත් චන්ද්‍රනාත්ය. හේ පාරම්පරික කැටයම් ශිල්පියෙකි. කුඩා කාලයේ සිටම කලාවට ළැදි කලාකාමී අයෙකි. ලලිත්ගේ සීයා මෙන්ම පියාද පාරම්පරික කැටයම් ශිල්පීන්ය. මේ නිසා ලලිත් චන්ද්‍රනාත්ට කැටයම් ශිල්පය උරුමයෙන් ලැබූණු දෙයකි. මොහු දියණියන් තිදෙනකුගේ පියෙකි. බිරිය සමන්තා දිල්හානිය. පවුලේ සියලු …